රාජගිරියේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

2019-09-21 11:08:00       847
feature-top
රාජගිරිය, බුත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් ඊයේ (20) රාත්‍රී වැලිකඩ පොලිසිය විසින් වටලනු ලැබුවා. ඒ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි.

මෙහිදී එම සම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය ඇතුළු තරුණියන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති වසන්ත කෝරලගේ අධීක්ෂණය අනුව දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරනායකගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු සහ නිලධාරීන් පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »