ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිසිය මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපිත කරයි

2019-09-20 05:35:00       233
feature-top
නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාසයකම,  කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරිම සඳහාත්, සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ආරම්භ කිරීමට මේ වන විට අවශ්‍ය උපදෙස් පොලිස් මුලස්ථානයෙන් ලබාදී තිබෙනවා.

ඒ අනුව යම් සිදුවීමක් සිදුවුව හොත් එම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලයට එම විස්තර ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් අදාළ පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.

මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරි පසුගිය 19 වෙනිදා සිට ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.


(under the courtesy of nethnews.lk news web)

More News »