කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවක්

2019-09-20 05:34:00       396
feature-top
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද (20) පස්වරුවේ නොසන්සුන්තාවක් හටගත්තා. ඒ, පස්වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් ප්‍රමාදවීම හේතුවෙන්. කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් විශාල පිරිසක්
මේ හේතුවෙන් අපහසුතාවට පත්ව තිබෙනවා.

එහිදී මගීන් පිරිසක් දුම්රිය සේවකයන් වෙත විරෝධය පළ කිරීමත් සමග එහි නොසන්සුන්තාවක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්‍ෂාව සදහා පොලිස් නිලධාරීන්ද කැදවා තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »