ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා ලිඛිත ඉල්ලීම් කර නැහැ : කථානායක

2019-09-20 05:34:00       392
feature-top
කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට අද දින ප්‍රධාන ජාතික පුවත්පතක පළව ඇති පුවත නිවැරදි නොවන බවට කතානායකවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශව ගණනාවකින් ලැබුනු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා විසින් පසුගිය (17)  දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එමගින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »