ඇල්පිටියේ ජන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයට දින නියම කෙරේ

2019-09-20 02:18:00       387
feature-top
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 24 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළා.

මෙම පෙත්සම ඇල්පිටිය ප්‍රාදේශයේ පදිංචිකරුවන් තිදෙනකු විසින් ගොනු කර ඇති අතර මෙම ජන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බව ඔවුන් චෝදනා කර  සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිෂන් සභාවේ  සාමාජිකයින් සිව්දෙනා සහ ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා නම් කර ඇත.

මෙම මැතිවරණය  2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා ලැයිස්තුව පදනම් කරගෙන  මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවට පෙත්සම්කරුවන් පවසා සිටියි.
(under the courtesy of nethnews.lk news web)

More News »