සකුරා නිසා වැඩ තහනම් වූ හිටපු අතිරේක මහේස්ත්‍රාත්ගේ නඩුව කැඳවයි

2019-09-20 02:17:00       329
feature-top
නීත්‍යාණුකූල නොවන ආකාරයට අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  වැඩ තහනමට ලක්ව ඇති කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිවිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තොබර් මස 04 දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළා.

මෙම නඩුවට අදාල ලේඛන විත්ති පාර්ශ්වයට ලබා දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් අතර එම ලේඛන සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයේ ස්ථාවරය දැන ගැනීමට නඩුව මීළඟ දින කැඳවීමට කොළඹ මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.

නඩුවේ සිව් වන විත්තිකරු වන තිළිණ ගමගේ ගේ ඇගිලි සලකුණු  නැවත වරක් ලබා ගැනීමට මහාධිකරණය අද නියෝග කළා.

සකුරා නැමැති ඇත් පැටවාගේ මුල් අයිතිකරු ලෙසට පෙනී සිටි චන්ද්‍රරත්න බංඩාර යටවර,
වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වන ප්‍රියංකා සංජීවනී, උපාලි පද්මසිරි යන අයට එරෙහිව වනසත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ චෝදනා 25 ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

මෙම සකුරා නැමැති ඇත් පැටවා සම්බන්ධයෙන් 2008 වර්ෂයේ ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත ප්‍රකාරව පිරිමි ඇත් පැටවකු බවත් සඳහන් කර තිබුණා. කෙසේවෙතත් වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කල
ප්‍රියංකා සංජීවනී, උපාලි පද්මසිරි විසින් තබා ඇති ගොනුවල ඇති සටහන් අනුව ඇතින්න පැටවෙක් ලෙසට සටහන් කර ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියි.


(under the courtesy of nethnews.lk news web)

More News »