ඉන්දීය-දකුණු අප්‍රිකා A කණ්ඩායම් අද පිටියට

2019-09-20 10:12:00       138
feature-top
ඉන්දීය “ඒ”කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු “ඒ”කණ්ඩායම අතර නිල නොවන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

දෙවන දිනය වු ඊයේ තරඟය නිමාකරන විට සිය දෙවන ඉනිම සදහාපන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය “ඒ” කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනු අප්‍රිකානු ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ඉන්දීය ඒ කණ්ඩායමට ලබා දුන්නේය.

ඉන්දීය ඒ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 417ක් රැස් කළේය.

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 400ක්.

තරඟය ඉන්දියාවේ මයිසුර්හිදි පැවැත්වෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »