එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන්..

2019-09-20 09:08:00       1152
feature-top
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ.

මෙම හමුව පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දීය.

එයට සහභාගි වූ මැති ඇමතිවරුන් කියා සිටියේ එම හමුව ද දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බවයි.

මෙම අසාර්ථකත්වය මත එම සාකච්ඡාව නැවත වතාවක් හෙට දිනය දක්වා කල් දමා ඇති බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »