සාකච්ඡාව මැද්දේ මුස්ලිම් කොංග්‍රසය අගමැතිගෙන් ඉල්ලීමක් කරයි

2019-09-20 09:06:00       1247
feature-top
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඊයේ (19) පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය සමග එක්වීමට මුස්ලිම් කොංග‍්‍රසයට ද අවස්ථාව ලබාදෙන ලෙසයි.

අරලියගහ මන්දිරයේ ඊයේ රාති‍්‍රයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත ඒ පිළිබඳව කරුණු දැක්වුවා.

එහිදී "දිනන්න පුඵවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට එහෙ මෙහෙ හොයන්න අවශ්‍ය නෑ. අපි ඔක්කොම හොයාගෙන තියෙන්නේ. සජිත් ප්‍රේසදාස දැම්මොත් දිනනවා." යනුවෙන් ද සඳහන් කළා.

ඊයේ පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයින් කිහිපදෙනෙකු එක්ව සිටියේ නැහැ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "අපි සාකච්ඡා කළේ ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මන්ත්‍රිතුමන්ලා සමග සාකච්ඡා කරන්නයි" යනුවෙනි.

ඊයේ පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සහභාගී නොවීම හේතුවෙන් අද දිනයේ ද, යළි සාකච්ඡාවක් කැඳවා ඇති බවයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ සියලූ පක්ෂ නායකයින් එකඟතාව පළකර අවසන් බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

දැන් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීම පමණක් බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

More News »