අවසන් මොහොතේ ගෝටාභය ඉවත් කර වෙනත් අපේක්‍ෂකයෙක් දමනවාද..- මහින්ද පිලිතුරු දෙයි..

2019-09-19 04:55:00       1247
feature-top
එක්සත් ජාතික පක්ෂය අද තරම් කඩාවැටුණු යුගයක් ඉතිහාසයේ කිසිදිනක නොතිබූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වන විට එම පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙකු ද තෝරා ගැනීමට නොහැකි වී සිටින බව ඔහු පැවසීය.

තම පාර්ශ්වයේ ජයග්‍රහණය ස්ථිර බවත් ජනතාව සිටින්නේ තමන් සමඟ බවත් පැවසූ ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බව ද සඳහන් කළේය.

අවසන් මොහොතේ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට පළවන වාර්තා ගැන මාධ්‍යවේදීන් කළ විමසීමේ දී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකත්වයෙන් කිසිසේත්ම ඉවත් නොකරන බවත් ඔහු ස්ථිරවම ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින බවත්ය.

උත්සව සභාවකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »