විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවාට සජිත්ගේ පිලෙන් අගමැතිට විරෝධයක්

2019-09-19 04:29:00       1101
feature-top
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුට සහය දක්වන මන්ත්‍රි කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඕනෑම පියවරක් ජනාධිපතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් ඕනෑම පියවරක් ගත යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ. ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පසුව එවැනි ක්‍රියා මාර්ගයකට එළැඹීම සුදුසු නොවන බවද මෙහිදී අගමැතිවරයාට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත් කරන්නේ නම් ඒ සඳහා සිය පුර්ණ සහයෝගය ලබා දෙන බව පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් සහ පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් අද පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දැනුම් දුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »