"අතිගරු ජනාධිපතිතුමනි" දයාසිරි කරූ අමතයි

2019-09-19 02:04:00       1430
feature-top
පරිපාලන සේවයේ වැටුප් වැඩි කිරීම සහ වෛද්‍යවරුන් කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප‍්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඒ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමගයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

එහිදී, දයාසිරි මන්ත්‍රිවරයා :- "අතිගරු ජනාධිපතිතුමනි මම අහනවා. ආ... සමාවෙන්න...සමාවෙන්න..."

කථානායකතුමා :- පාර්ලිමේන්තුව විහිලු කරන තැනක් නෙමෙයි.. සිහියෙන් අහන්න ප්‍රශ්නය. පාර්ලිමේන්තුව වැදගත් තැනක්. නිකං අනවශ්‍ය දේවල් කතා කරන්න එපා මන්ත්‍රිතුමා.  යනුවෙන් සංවාදයක් ඇති වුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »