ජනපති හා විපක්ෂ නායක හමුවෙයි

2019-09-19 12:51:00       1148
feature-top
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (19) රාත්‍රියේ දී පවත්වා තිබෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ එම සාකච්ජාව සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා පමණක් සහභාගිවූ බවයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ නාම යෝජනා කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් ඊයේ දිනයේදී නිකුත් කිරීමෙන් පසුව මෙම හමුව සිදුව තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ජාවට බඳුන්වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු හෙළි කිරීමක් සිදුකර නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ.


(under the courtesy of nethnews.lk news web)

More News »