කංජිපානි ඉම්රාන්ව කටහඬ පරීක්ෂාවකට යොමු කරයි

2019-09-19 12:39:00       320
feature-top
පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් අද (19) රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.

ඒ, ඔහුගේ කටහඬ පරීක්‍ෂාවක් සඳහායි.

පොලිස් පරීක්‍ෂකවරයෙකුට දුරකතනය මගින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහා එම හඬ පරීක්‍ෂණය සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි කංජිපානි ඉම්රාන් මීට දින දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »