සියළුම දිස්ති‍්‍රක්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවයි

2019-09-19 12:37:00       272
feature-top
සියලුම දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (20) දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා යොදා ගැනීමට අපේක්‍ෂිත රාජ්‍ය සේවකයන්ට ඉදිරි දින 10 ඇතුළත අදාළ දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරියා වෙත තැපැල් ඡන්ද අයදුම්පත් භාර දිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.

එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට අද සිට ඇප මුදල් තැන්පත් කිරීමටද අවස්ථාව හිමි වන බවයි මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මැතිවරණ සමයේ රජයේ පත්වීම් ලබාදීමට අදාළ විධාන සහ චක‍්‍රලේඛ ඉදිරි දින කිහිපයේදී නිකුත් කරනු ඇති බවද මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියා.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳවද මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක මෙහිදී කරුණු දැක්වූවා. එහිදී කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව රටේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශය කරන පසුබිම සකස් කිරීමේ කාර්යභාරය සිදු කරනු ඇති බවයි
(under the courtesy of nethnews.lk news web)

More News »