අංක තහඩු නැති සුදු වෑන් දෙකක් ඇවිත් ව්‍යාපාරිකයෙක් පැහැරගනී

2019-09-19 11:59:00       381
feature-top
ඌරුබොක්ක, බෙරලපනාතර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අද (19) උදෑසන පැහැර ගෙන ගොස් තිබෙනවා.

එලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඌරුබොක්ක, බෙරලපනාතර, දෙව්ලියවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි සුරංග ලක්මාල් එදිරිසිංහ නැමැති දෙදරු පියෙක්.

අද උදැසන 6.30 ට පමණ අංක තහඩු නොමැති සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් එම ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »