කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31ක් දහසකට උසස්වීම්

2019-09-19 09:08:00       305
feature-top
දීර්ඝ කාලීනව උසස්වීම් නොලැබූ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා වන පොලිස් නිලධාරීන් 31,000 කට අධික පිරිසකට උසස්වීම් ලබාදීමට අදාළ ආයතනවල අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස් අනුව එම උසස්වීම් සඳහා අනුමැතිය හිමිවී ඇති බවයි.

ඒ අනුව අදාළ උසස්වීම් සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියට ජාතික පොලිස් කොමිසම, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල අනුමැතිය හිමිව තිබෙනවා.

කාණ්ඩ 03 ක් යටතේ අදාළ උසස්වීම් ලබාදීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

More News »