වෛද්‍ය වර්ජනය අවසන් කළත් බදාදා ගැන අනතුරු අඟවයි

2019-09-19 09:07:00       161
feature-top
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කළ එක්දින වැඩවර්ජනය අද (19) උදෑසන 8.00ට අවසන් කෙරුණා. එම සංගමය ඊයේ (18) උදෑසන 8.00  සිට මෙම වර්ජනය කි‍්‍රයාත්මක කළේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින්.

නීති නිලධාරීන්ට සහ තෝරාගත් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩි කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් කාණ්ඩ කිහිපයකටම වැටුප් විෂමතාවක් ඇති වී තිබෙන බවටයි එම සංගමය චෝදනා කළේ. සිය ගැටළුවට විසදුමක් නොලැබුණහොත් ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »