සජිත්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රනිල් අමතමින් හේමා කියයි..

2019-09-18 04:42:00       1189
feature-top
එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමට තම පුත්‍රයා වන ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කිසි ලෙසකින් කටයුතු නොකරන බව බව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ඇය මේ බව පොරොන්දු වූ බව සිරිකොත ආරංචි මාර්ග කියා සිටී.

තම සැමියාගේ අභාවයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දක්වා පැමිණීමට කළ උපකාරයන් වලට හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති වික්‍රමසිංහට ස්තූතිය පළ කර ඇති බවද සඳහන් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »