එජාප මහ ලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

2019-09-17 05:22:00       576
feature-top
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂීකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමග සන්ධාන ගතවන පක්ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකින් බවත් එම සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි අවසන් බවයි මහ ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.

ඒ එකඟතාවන්ට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් එම පදනම මත එක්සත් ජාතික පක්ෂ‍ය මගින් සුදුසු අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂනකයා තෝරා ගන්නා බවත් ඒ තෝරා ගැනීමෙන් පසු සන්ධානයට අයත් සියළු පාර්ශවයන්ගේත්, සිට ප්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගේත් සහය ඇතිව එජාපයේ අපේක්ෂ්කයා ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවද මෙහිදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා
(under the courtesy of nethnews.lk news web)

More News »