ජනාධිපතිගේ කතාව චීන රජය ගැඹුරින් සලකයි.. නිවේදනයක් සූදානම්..

2019-09-17 04:14:00       1489
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ නෙළුම් කුළුණ විවෘත කරමින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සමීපව අධ්‍යයනය කරන බව එහි ඉහල පෙලේ ප්‍රකාශකයෙකු විපක්‍ෂයේ ප‍්‍රබල නායකයෙකුට සදහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව සහ එහි පරිවර්තනය චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන බවත් එහි උපදෙස් මත ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු පවසා තිබේ.

නෙළුම් කුළුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස කෝටි 200ක් ගිවිසුම්ගත වූ චීන සමාගමකට ගෙවූ බවත් ඉන් පසු එම මුදල මෙන්ම සමාගමද අතුරුදහන් වූ බවත් ජනාධිපතිවරයා සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »