ජනපති ගත් තීරණය අහෝසි කරන ලෙසට පූජිත් ඉල්ලූ පෙත්සම සලකා බැලීමට දින දෙයි

2019-09-17 12:33:00       296
feature-top
පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර්  මස 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින ලබා දුන්නා.

අද දින මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවු අතර පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 25 සහ 26 දින වල කැඳවන බැවින් ඉන් අනතුරු දිනයකදී පූජිත් ජයසුන්දරගේ පෙත්සම සලකා බැලීමට පාර්ශ්වයන් එකඟතාවය පල කරන ලදී.

මෙම පෙත්සමට එරෙහිව පෙත්සමේ හතර වන වගඋත්තරකරු වන ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනුකර තිබෙනවා.

එම පෙත්සමෙන් පූජිත් ජයසුන්දර පවසා සිටින්නේ 2018 වර්ෂයේ ඔක්තොබර් මාසයෙන් පසු තමාට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් සඳහා ආරාධනා ලැබී නොමැති බවයි.

තමා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු පවසා සිටියා
(under the courtesy of nethnews.lk news web)

More News »