නොසැළකිලිමත් රිය ධාවනයෙන් කොස්තාපල්වරයෙක් මිය යයි

2019-09-17 10:34:00       348
feature-top
මහනුවර, සංඝරාජමාවතේ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.

පුද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් පසු යතුරුපැදිකරු පෙරළිගොස් මෝටර් රථයකට යටවීමෙන් අනතුරසිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු මහනුවර රෝහලටඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ පල්ලෙකැලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකළ 50 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ මෝටර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »