ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නැයි සජිත් ලිඛිතව රනිල්ට දන්වයි.. බැරිනම් රහස් ඡන්දයක් කැදවන්නැයි කියයි..

2019-09-17 09:16:00       266
feature-top
තමන් මෙතෙක් කාලයක් අන් අයට ඉඩ දී නිහතමානීව පසෙකට වී සිටියද මෙවර ජනාධිපතිවරණයට ස්ථිරවම ඉදිරිපත් වන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඉතා ඉක්මනින් ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන්නැයි තමන් පක්‍ෂ නායන රනිල් වික‍්‍රමසිංහගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද ඔහු සදහන් කලේය.

ජනාධිපති අපේක්‍ෂක ලෙස තමන් ඉදිරිපත් කිරීමට අපහසු නම් මන්ත‍්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡුන්දයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »