"අපේක්ෂකයා තෝරන 'රහස් ඡන්ද යෝජනාව' ගැන එජාප ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් ප්‍රකාශයක්

2019-09-17 08:41:00       628
feature-top
ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම අවසන් විකල්පය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා.

ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත නොහැකි නම් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රහස් ඡන්දයකින් අපේක්ෂකයා තෝරා ගතයුතු බවයි.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ සහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගතහැකි බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද පැවසුවා.

රහස් ඡන්දය ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ අවසන් විකල්පය වියයුතු බව අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා කියාසිටියේ මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

එහිදී "සාකච්ඡා යනවනේ දෙපාර්ශ්වය අතර..රහස් ඡන්ද නැතුව දැනට තීරණය කරගත්තොත් බොහොම හොඳයි. නැතිනම් ඉතින් අර වගේ රහස් ඡන්දයකට යෑමට වෙන්නත් පුළුවන්. අපි ඔක්කොම මොන තීරණය ගත්තත් එක තීරණයක් ගත්තාට පසු එකට යන්න ඕනේ. මම කියන්නේ..එකවරම අපි ප්‍රකාශ කරන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයා අහවලා.. අගමැති අපේක්ෂකයා අහවලා කියලා.. " යනුවෙන් ද සඳහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ද විමසීමක් කලා. එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් නොමැති බවයි ඔහු පැවසුවේ. සුදුසුම අපේක්ෂකයා සුදුසුම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »