ගිං ගඟ ආශ්‍රීතව ගං වතුර අවදානමක් නෑ

2019-09-16 03:51:00       207
feature-top
ගිං ගඟේ ජලමට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා හෝ ඉහල යාමේ අවධානමක් මේ වන විට නිර්මාණය වී නැතැයි ප‍්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු නිලංග දුනුසිංහ පවසනවා.

තවලම ප‍්‍රදේශයෙන් සැළකිලිමත් විය යුතු මට්ටමට ගිං ගඟේ ජලමට්ටම ඉහල ගියද දහවල් වන විට ජලය බැස යමින් පැවති බවයි  ඔහු සඳහන් කලේ.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් ගිං ගඟ ආශී‍්‍රත පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනු දැකිය හැකි බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »