අපවිත්‍ර කරදැමූ මුලටියන රක්ෂිතය පවිත්‍ර කරයි

2019-09-16 10:42:00       292
feature-top
පරිසරය සුරැකීම සම්බන්ධයෙන් දැඩිව කතාකරන වටපිටාවක් තුළද, ඇතැම් පිරිස් තවදුරටත් පරිසරය විනාශ කරන අයුරු දැකගත හැකියි.

ඉකුත් සමයේ පැවැති විවිධ උත්සවවලින් පසු රැගෙන ආ පොලිතීන් ඇතුළු කැලිකසල එම භූමියේම දමා ගොස් තිබූ අයුරු සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් මතුකරමින් හුවමාරු වුණා.

සුන්දර පරිසර පද්ධතියක් වන මාතර මුලටියන රක්ෂිතයට ද අද උදා වී ඇත්තේ එවන් ඉරණමක්. මිනිසාගේම කි‍්‍රයාහේතුවෙන් අපවිත‍්‍ර වෙමින් ඇති මෙම රක්ෂිතය පවිත‍්‍ර කිරීමට තවත් මිනිසුන් කොටසක් ඉදිරිපත් වී සිටිනවා. ඒ, අවට පාසල් දරුවන්ගේ ද දායකත්වය ඇතිවයි.

මෙම වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වන මාතර බෙංගමුව වයිස් සමාජයේ උප සභාපති දිල්හාන් අනුරප‍්‍රිය කියා සිටියේ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනය ආරක්ෂා කරගැනීම පිළිබඳව සමාජයට ආදර්ශයක් සැපයීම බවයි. තවත් කෙනෙකුට මෙම පරිසරය යළි අපවිත්‍ර කිරීමට නොහැකි වන පරිදි මෙම වටපිටාව පිරිසිදු කිරීමද අරමුණු කරගෙන ඇති බවත් පෙන්වා දුන්නා.

මේ අතර උදාවන සතිය සතුටින් ආරම්භ කිරීමට ඔබට උත්තේජනයක් සපයන නෙත් එෆ් එම් සතුටු සඳුදා අදයි.


(under the courtesy of nethnews.lk news web)

More News »