ඇමති සජිත් තමනට සහාය ඉල්ලා හකීම්, බදියුදීන්, රාජිත, චම්පික, මනෝ, දිගම්බරන් හමුවේ..

2019-09-14 05:03:00       1487
feature-top
ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අද එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂවල නායකයන් මුණ ගැසීමට නියමිතය.

ජනාධිපති අපේක්‍ෂක වීම සදහා සහාය ලබා ගැනීම සදහා මෙම හමුව පැවැත්වීමට නියමිත වන අතර ඇමති මංගල සමරවීරගේ නිල නිවසේදී එය අද රාත‍්‍රියේ පැවැත්වෙයි.

එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දීමට නම් සුළු ජාතික පක්‍ෂ සමගින් සාකච්චා කර ඔවුනගේ සහාය ලබා ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම් දීම මත මෙම සාකච්චා පැවැත්වෙයි.

එමෙන්ම දෙමල ජාතික සන්ධානය සමගින්ද සජිත් පේ‍්‍රමදාස මහතා සාකච්චා කිරීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »