ෆවුසි, එස්බී ඇතුළු පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

2019-09-14 04:41:00       565
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන් ලෙස පත්කල මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින කිහිපයේදී තහනම් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර සඳහන් කර සිටිනවා.

මෙම මස 21 වන දින මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබද අදහස් දැක්වීමට අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

" මිට සති දෙකකට පමණ පෙර අපේ පක්ෂයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රිවරු ලෙස පත්ව  සිට අපෙන් ඉවත්වුනු මන්ත්‍රිවරු 05 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගත්තා. ඔවුන්ට දින 07ක් ඇතුලත නිදහසට කරුනු ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා දැනුම් දුන්නා. එම කරුණු සලකා බලලා අපි තින්දු කළා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ ක්‍රියාවලියකට යාමට තීන්දු කළා. ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුලත එම ලිපි යොමු කිරිමට නියමිතයි" මහ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »