නිට්ටඹුවේ ඉන්ධන පිරවුම් හලක් කොල්ලකෑ සැකකරුවන් තුන් දෙනෙකු වසරකට පසු අත්අඩංගුවට

2019-09-14 02:49:00       496
feature-top
ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කළ පුද්ගලයින් තුන් දෙනෙකු නිට්ටඹුව, ඔචර්ට්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් විසින් ඉකුත් 2018 වසරේ අප්‍රේල් මාසයේදී නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් මෙලෙස මුදල් සොරාගෙන තිබුණා. ඉන්ධන පිරවුම්හලේ මුදල් තැන්පත් කර තිබූ කාමරයේ දොර කඩා ඇතුළුවී සැකකරුවන් විසින් රුපියල් 450,000 ක මුදලක් සොරාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු  23, 30 සහ 40 යන වයස් සීමාවල පසුවන නිට්ටඹුවේ පදිංචි පුද්ගලයින් තුන්දෙනෙක්. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් නිට්ටඹුව පොලීසියට භාරදීමට නියමිතව තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »