රනිල්-සජිත් හමුවේ ප‍්‍රතිඵල අපට කියනු.. ඉක්මනින් තීන්දුවක් ගන්න සූදානම්..- වැට උඩ සිට හකීම් අමතයි

2019-09-12 06:32:00       941
feature-top
එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අතර එජාප ජනාධිපති අපේක්‍ෂක ධුරය සම්බන්ධයෙන් වූ සාකච්චාවේ ප‍්‍රතිඵල ගැන මෙතෙක් දැනුවත් කලේ නැතැයි මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.

එම සාකච්ාව ගැන ඉතා ඉක්මනින් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂ දැනුවත් කිරීම කල යුතු බවද ඔහු සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුත්තේ ජයගත හැකි අපේක්‍ෂකයෙකු බවද ඔහු කියයි.

තම පක්‍ෂය සහාය දෙන්නේ කාටදැයි ජනාධිපතිවරණය අපේක්‍ෂකයන් නම් කල පසු තීන්දු කරනා බවද ඔහු තව දුරටත් කීවේය.

(under the courtesy of lankacnews.com news web)

More News »