නව ආර්ථික රටාවකට අප යා යුතුයි : අගමැති

2019-09-11 08:42:00       272
feature-top
බ්‍රිතාන්‍යයය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී නොසිටිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව අලුත් ආර්ථික ක්‍රමයක් යටතේ රට ඉදිරියට ගෙන යා යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කොළඹ වරාය පරිශ්‍රයේ අද (10) පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කොළඹ මහ නගරය, මාර්ග පද්ධතිය සහ වරාය සංවර්ධනය කිරිමෙන් ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමට අදහස් කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

නාගරික සංවර්ධනයට පමණක් නොව ග්‍රාමීය සංවර්ධනයට ද ආණ්ඩුව අවධානය ලබා දී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »