ඉදිරියේදි සුභවාදී ප්‍රතිපලයක් : අගමැති සමග සාකච්ජාවෙන් පසු ඇමති සජිත් කියයි

2019-09-11 08:41:00       244
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර අද (10) රාත්‍රියේ පැවති තීරණාත්මක සාකච්ජාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුනා.

අගමැතිවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ජාව සදහා රංජිත් මද්දුම බණ්ඩාර, මලීක් සමරවික්‍රම, කබීර් හෂිම් සහ රාජිත සේනාරත්න අමාත්‍යවරුන් එක්ව සිටියා.

සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ අද පැවති සාකච්ජාව බොහොම සුහදව පැවති බවත් ඉදිරි දින කිහිපයේදි හොද ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවයි.

පැවති සාකච්ජාවේදි එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධයෙන් හා ඉදිරි ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් අවධානය යොමු කල බව ඇමතිවරයා කියා සිටියා.

තමන් අද පැවති සාකච්ජාව සම්බන්ධයෙන් සුභවාදිව සිතන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියා. එමෙන්ම ඉදිරියේදී තවත් සාකච්ජා වට කිහිපයක්ම පැවැත්වෙනු ඇති බව ඔහු කියා සිටියා.

තමන්ට දෙමළ ජාතික සන්ධානයේ පමණක් නොව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ද සහය හිමිවන බව ඔහු මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අතර අද පැවති සාකච්ජාව සාර්ථකවු බව අමාත්‍ය මලීක් සමරවික්‍රම මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

අගමැතිවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර පැවති සාකච්ජාව පැය එකහාමාරක කාලයක් පැවතියා.


(under the courtesy of nethnews.lk news web)

More News »