රනිල්-සජිත් සාකච්ඡාවේ එකඟතාවයකට පැමිණි බව සජිත් පාර්ශ්වයේ අමාත්‍යවරු හෙළිකරයි

2019-09-11 08:29:00       1859
feature-top
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එහි නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර ඊයේ (10) රාති‍්‍රයේ පැවැති සාකච්ඡාවේදී ද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප‍්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වනවා.

ඊයේ රාතී‍්‍ර 09.40 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡා පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මෙම සාකච්ඡාව සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂිම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් ද එක්ව සිටියා.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ පැවැති සාකච්ඡාව ඉතා සුභවාදී එකක් වූ බවයි.

ඉදිරි දින කිහිපයේදී මෙම සාකච්ඡාවේ හොඳ ප‍්‍රතිපලයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන පාර්ශ්වයේ අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට ලබා දීමට මෙහිදී එකඟතාවකට පැමිණි බවයි. ඊයේ සාකච්ඡාව සාර්ථක වූ බව පමණක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »