19න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

2019-09-05 03:13:00       700
feature-top
ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (05) ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණි.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ පැවැත්වුණේ කොළඹදීයී.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් A සහ B ලෙස කාණ්ඩ 2ක් යටතේ තරග වැදීමට නියමිතයි.

A කාණ්ඩයෙන් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ කුවේට් කණ්ඩායම් තරග වදින අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය B කාණ්ඩයෙන් තරග වදියි.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද ඉන්දියාව සහ නේපාලය අතර කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදීත් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

More News »