බ්‍රසීල හා ප්‍රංශ ජනපති අර්බුදය දිග්ගැස්සෙන ලකුණු

2019-08-28 10:38:00       862
feature-top
තමන් බොරුකාරයෙකු යැයි එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් සමාව ගත යුතු බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසනවා.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර කලක පටන් පෞද්ගලික ආරවුලක් පවතිනවා. එය පදනම් කරගනිමින් ඇමසන් වනාන්තරයේ හට ගෙන ඇති ගිනි ගැනීම් පාලනය සඳහා ජී 7 නායකයින් ලබා දුන් ආධාර මුදල ද බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ගෙන් සමාව අයැද සිටියහොත් එම ආධාර මුදල් සම්බන්ධයෙන් ද සලකා බැලිය හැකි බවයි බ්‍රසීල ජනාධිපතිවරයා පවසන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »