බුද්ධි තොරතුරු මත සිර දඬුවම් විඳින 16ක් මාරු කෙරේ

2019-08-26 02:15:00       709
feature-top
දැනට සිර දඬුවම් විඳින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරවලින් ඉවත් කර වෙනත් බන්ධනාගාරවල රැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ, රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරු මතයි.

මෙලෙස වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට තීරණය කර ඇති සිරකරුවන් සංඛ්‍යාව 16 ක්. ඔවුන් මේ වනවිට වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

බන්ධනාගාර තුළ සිට දිගින් දිගටම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම මෙම පිරිස වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට හේතුවයි. ඔවුන් අතරට වෙලේසුදා, පොට්ට නවුෆර් සහ කංජිපානි ඉම්රාන් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අයත්.

මෙහි පළමු අදියර යටතේ ඉකුත් සිකුරාදා වෙලේසුදා, බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා. කංජිපානි ඉම්රාන් මේ වනවිටත් රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේයි.

බූස්ස බන්ධනාගාරයේ වෙන් වෙන්ව පවතින සිරමැදිරි 40 ක් ඇති අතර මෙලෙස මාරු කරන සිරකරුවන් එක් සිරමැදිරියකට, එක් රැඳවියෙකු වන ලෙස රඳවා තැබීමට නියමිතව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »