අත්ඩංගුවේ සිටින තිස්සමහාරාම රජමහා විහාරයට අයත් අලියාට අසාධ්‍යයි…

2019-08-26 02:11:00       716
feature-top
හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත වනජීවී දෙපාර්තමේන්තුව මගින්  2015 වසරේ දී අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ බී/172/15 යටතේ නඩුපවරා ඇති තිස්සමහාරාම රජමහා විහාරයට අයත් අලියා( වයස අවු 20 පමණ) දැඩි ලෙස රෝගීව මේවන විට පින්නවල අලි අනාතාගාරයේ සිටී. මෙම අලියා අත්අඩංගුවටගත් දින සිටම කිසිදු සැලකිල්ලක් නොදක්වන ලද බවත්, නැවීමක් හෝ ගස් ලිහීමක් පවා සිදුකර නොමැතිබව වාර්තාවේ( අලි පැටියෝ ඔයයි මමයි චිත්‍රපටයේ මීට වසර 13 පෙර සිටි අලියා). මේ ආකාරයටම වනජීවී දෙපාර්තමේන්තුව මගින් මහනුවරදී අත්අඩංගුවට ගත් හොරණ වරුණ කන්නංගර මහතාට අයත් අලි පැටියෙකු ද උඩවලව ඇත් අතුරු සෙවනේ දී රෝගීව මියගොස් ඇති අතර, මේවන විට විවිධ හේතු සාදක මත විහාරස්ථාන හා පුද්ගලයන් සතු හීලැ අලි ඇතුන් 38 පමන අත්අඩංගුවට ගෙන ඇති අතර එම සතුන්ගේ තත්වය ද යහපත් නොවන බව අප සංගමයට වාර්තාවේ. (අධිකරන මගින් පින්නවලට හා උඩවලව ඇත් අතුරු සෙවනට භාරදි ඇති අලි ඇතුන් නඩු භාණ්ඩ බැවින් නිලධාරීන් ද මෙම සතුන් සම්බන්ධව කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරි සීමාවේ සිටය, නමුත් මෙම සතුන් එම සතුන්ගේ භාරකරුවන් ලග සිටියදී පෞද්ගලිකව එම සතුන්ගැන අවධානයෙන් සිටී)

ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන විසින් මෙරට පෙරහැර සංස්කෘතියට හා විහාරස්ථාන දේවාල, හා ‍මහා සංඝරත්නයට විරුද්ධව පසුගිය වසර කීපය තුළ ගෙනගිය මෙම විවිධ නඩු කටයුතු හා හොරෙන් වනයෙන් රැගෙන ආ අලි බවට වැරදි තොරතුරු ජනගත කිරීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇත. එහෙත් මේවන විට අධිරණය මගින් තහවුරු වෙමින් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා පරිසර සංවිධාන ගෙනගිය ප්‍රචාර සම්ප්‍රර්ණයෙන්ම අසත්‍ය බවත් මෙරට බෞද්ධ සංකෘතියට හා මෙරට ප්‍රකට භික්ෂුන් වහන්සේලා හා බෞද්ධ ප්‍රභුන් ඉලක්ක කරමින් විදේශීය අන්‍යාගමික සංවිධාන මගින් විශාල ලෙස මුදල් ලබා ගනිමින් සිදුකරන ලද මහා පරිමාන ව්‍යාපරයක් ලෙස මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන කටයුතු කර ඇති බවයි.මෙවුන්ගේ ඉලක්කය වී ඇත්තේ පෙරහැර සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම බව අප සංවිධානයට වාර්තාවී ඇත.

මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන මැදිහත් වීම මත මේවනවිට මහනුවර අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමිපාණන් ,තඔුල්ලේ සීලක්කන්ද හිමිපානන්, ප්‍රධාන ධරනාගම කුසලදම්ම හිමියන්,කොලොන්නාවේ සුමංගල හිමි මහනායක හිමියන් තිස්සමහාරාමාධිපති දේවාලේගම ධම්මදින්න හිමියන් ඇතුලු නායක හිමිවරුන් කීප නමකටම හා බෞද්ධ අලි ඇතුන් හිමියන් 20 කට පමණ මේවන විට විවිධ අධිකරනවල නඩු ගොනුකර ඇත. මෙම මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන වල අපේක්ෂාව වී ඇත්තේ මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති එක් නඩුවක් මගින් හෝ කිසිවකු වරද කරුවෙකු වනු දැකීමය. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒ හරහා අනෙක් නඩුවලටද බලපැමක් සිදුකිරීමත් මේ වන විට විහාර දේවාලවල සිටින අනෙක් අලි ඇතුන්ට ද එම නඩු තීන්දු උපයෝගිකර නඩු පැවරීමට මාර්ගයක් උදාකර ලීමය.

පසු ගියදා මහනුවර ඇසල පෙරහැරේ ගමන්ගත් ටිකිරි ඇතින්න ගැන කිඔුල් කදුලු හෙලු ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන පින්නවල අලි අනාතාගාරයේ පන අදින හීලැ අලි පිලිබදව කිසිවක් කථා නොකරන්නේ ඔවුන්ගේ අපේක්ෂාව හීලැ අලින් අප පෙරහැර සංස්කෘතියෙන් ඇත්කීරීම පමණක් බවත් එම සතුන්ගේ සුභ සාධනය හෝ ආරක්ෂ‍ාව/ ආදරය ගැන අනුශුමාත්‍ර හැගීමක් නොවන නිසා බව හොදින්ම පැහැදිලිය.

– හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරය
(under the courtesy of lankacnews.com news web)

More News »