මුතුරාජවෙල අභය භූමියට අයත් කොටසක් ගොඩ කරමින් යයි

2019-08-26 02:09:00       703
feature-top
මුතුරාජවෙල අභය භූමියට අයත් භූමියක් මේ වනවිට අනවසරයෙන් ගොඩ කරමින් ඇතැයි මුතුරාජවෙල අභය භූමිය සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති අනිල් ජයමහ ප‍්‍රකාශ කළේ නීතිවිරෝධීව සිදු කරන මෙම ගොඩකිරීම් සඳහා ප‍්‍රාදේශීය දේශපාලඥයින්ගේ ද සම්බන්ධයක් ඇති බවයි.

මෙලෙස සිදු කෙරෙන ගොඩකිරීම් හේතුවෙන් මුතුරාජවෙල අවට ජීවත්වන ජනතාවට ද ඉදිරියේදී ගැටලූ රැසකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි. කෙසේවෙතත්, මේ පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »