ඇමති සජිත්ට ජනපති අපේක්ෂකත්වය ඉල්ලා වැල්ලවායේ ජනතාව වීථි බසියි

2019-08-26 02:08:00       704
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබ දෙන ලෙස ඉල්ලා වැල්ලවාය නගරයේ දී අද (26) පාගමනක් සහ විරෝධතාවක් පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ වැල්ලවාය ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින්.

විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් වැල්ලවාය නගරය වටා පා ගමනින් ගමන් කළ පිරිස පසුව වැල්ලවාය ප්‍රධාන බස්නැවතුම්පල අසලට පැමිණ විරෝධතාවක නිරත වුණා. මෙම අවස්ථාව සදහා ඌව පලාත් සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස හට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා නොදුනහොත්, ඉදිරියේදී දැවැන්ත විරෝධතා සිදු කරන බව ද විරෝධතාවට එක්ව සිටින පිරිස් පැවසුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »