හදිසි නිතීය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බලපාන්නේ නෑ

2019-08-24 04:44:00       695
feature-top
හදිසි නිතීය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ජාමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුනට මේ බලනොපාන බව එම මධ්‍යස්ථනය සඳහන් කර ඇත.

දැනට පවතින තත්වය සැළකිල්ලට ගනිමින් ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය දීර්ඝ නොකිරීමට රජය තීරණය කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »