ජනතාවගේ ආදායම් වැඩිවූ හැටි පැහැදිළි කරන්නැයි බන්දුල අගමැතිගෙන් ඉල්ලයි

2019-08-22 01:04:00       692
feature-top
ගතවූ වසර කිහිපය ඇතුළත රටේ ජනතාවගේ ආදායම සියයට පනහේ සිට සියයට 100 දක්වා ප‍්‍රමාණයකින් වැඩි වී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඉකුත්දා කියාසිටියේ ණය ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් පැවතියත් ආර්ථිකය සවිමත් කරමින් ජනතාවගේ ආදායම වැඩි කිරීමට සිය ආණ්ඩුවට හැකි වූ බවයි.

එහෙත් ගතවූ වසර කිහිපයේදී සිදුවී ඇත්තේ රටේ නිෂ්පාදනය කඩාවැටීමක් බවත් එසේ තිබියදී ජනතාවගේ ආදායම වැඩි විය නොහැකි බවත් බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා.

රටේ ආර්ථික වර්ධන වේගයද මේ වනවිට ඇස්තමේන්තු කළාටත් වඩා අඩු වී ඇතැයිද මෙහිදී සිහිපත් කෙරුණා. එසේ තිබියදීත් ජනතාවගේ ආදායම වැඩි වී ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ නම් ආදායම එලෙස වැඩි වී ඇතැයි විද්‍යාත්මකව පැහැදිලි කරන ලෙසයි බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළා. 

(under the courtesy of nethnews.lk news web)

More News »