සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා..

2019-08-22 09:38:00       704
feature-top
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යම් ආකාරයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළහොත් එම නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයක් හරහා බහුතරයෙන් පරාජයට පත් කිරීමට සැලසුම් සකස් වෙමින් තිබේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ තවත් සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඔවුන්ගේ තක්සේරුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට බහුතරයක් නොමැති බවයි.

සන්ධාන හා ජවිපෙ මන්ත්‍රීවරුන් 102 සිටියද ඔවුගෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනු ඇත්තේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5-6 දෙනෙක් පමණක් බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරය කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකි බව ඔවුන්ගේ තක්සේරුවයි.

මේ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති වුවහොත් ඊට විරුද්දව කථානායක කරු ජයසූරිය මහතා හරහා පාර්ලිමේන්තු සටනද සූදානම් වනු ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »