ජේලර්වරයා ඝාතන සිද්ධියට තවත් අයෙක් සැකපිට අත්අඩංගුවට

2019-08-22 08:57:00       688
feature-top
වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකුව සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඉකුත් (2019/08/03) දා අම්බලන්ගොඩ පොලිස් වසමේ කුලීගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වන තිළිණ රුවන් තිහාර ජයරත්න යන අය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ට ආධාර අනුබල දුන් එහි යතුරුපැදියේ හිමිකරු මෙලෙස අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (21) දහවල් 1.20ට පමණ හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයස අවුරුදු 25ක් පමණ වන ඔහු පන්නිල හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. සැකකරුව අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »