භාණ්ඩාගරයේ අනුමැතියක් නැතිව ලක්සල රජයේ මුදල් කෝටි ගණනක් තැරැව්කරුවන්ට දීලා…

2019-08-20 05:20:00       840
feature-top
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය එනම් ලක්සල විසින් තමගේ භාණ්ඩ අලෙවි කරගැනීමට පාරිභෝගිකයන් වෙත අලෙවි කොට ලබා ගන්නා මුදලින් 25% දක්වා මුදලක් පාරිභෝගිකයන් ලක්සල වෙත යොමුකරන බ්‍රොකර්වරුන් හෙවත් තැරැව්කරුවන් වෙත මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව වර්තමාන කළමනාකරණය නිදහස් කිරීම සිදු කරයි.

මේ අනුව පසුගිය වසරේ ආයතනයට සිදු වූ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 85.7 යයි වාර්තා වෙයි. මෙය සමස්ථ පිරිවැටුම වූ රුපියල් මිලියන 737 න් 12% පමණ වේ.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය එනම් ලක්සල මණ්ඩල පත්‍රිකා අංක 44H5 යටතේ 21/01/2016 දින පැවති මණ්ඩල රැස්වීමේදි ගනු ලැබු තීරණයක් පරිදි නව සභාපතිවරයෙකු පත් වු දින සිට එතෙක් ක්‍රියාත්මක වූ සාප්පු හා කාර්යාල පනත ක්‍රියාත්මක වීම අහෝසි කොට රජයේ මුදල් රෙගුලාසි සහ ආයන සංග්‍රාහය ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත.

රජයේ මුදල් රෙගුලාසි ක්‍රියාත්මක වන ආයතනයක් තම ආදායමෙන් විශාල මුදලක් නැවත කිසියම් හෝ කටයුත්තක් සඳහා වියදම් කිරීමේදි පැහැදිලිවම මහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගත යුතු බවට එහි සඳහන් ව ඇතත් එම රෙගුලාසි උල්ලංඝනය කරමින් මණ්ඩලයේ ආදායමෙන් විශාල මුදලක් තැරැව්කරුවන් වෙත මුදා හැරිම රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමකි. එමෙන්ම රජයට විශාල පාඩුවක් සිදු කීරිමකි.

මේ වනවිට වාර්ෂිකව පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන ලක්සල, වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අතර එහි වත්මන් සභාපතිවරයා මොහොමඩ් හම්සා වන අතර එහි අමාත්‍යවරයා රිසාඩ් බදුර්දීන් ය.

එමෙන්ම 2002 වසරේදී සතොස හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු විසින් ආනයනය කල සහල් තොගයක් මිල අඩු කොට විකුණා රජයට රුපියල් මිලියන 4 ක් පාඩු සිදු කිරිම සම්බන්ධයෙන් වරදකරු කොට අද දින 20 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසරක් දක්වා සිර දඬුවම් නියම කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »