සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් බාලවයස්කාර සැකකරු සියල්ල හෙළි කරයි

2019-08-17 02:14:00       699
feature-top
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුනු තොරතුරු මත අත්අඩංගුවට ගත් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කල නවුෆර් මව්ලව් තැනැත්තාගේ 16 හැවිරිදි පුත්‍රයා වන මොහමඩ් නවුෆර් අබ්දුල්ලා විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවා බන්දියන්වැව, අරක්යාල කැකුනුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් විසින් නුවරඑළියේ පැවැත්වූ  පුහුණු කඳවුරේදී පුහුණුව ලබා තිබෙනවා.

විනෝද චාරිකාවක් සඳහා රැගෙන යන බව ප්‍රකාශ කරමින් සැකකරුගේ පියා විසින් ඔහු මෙම පුහුණු කඳවුරට රැගෙන ගොස් ඇති බවයි සැකකරුගෙන්  සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ඇත්තේ.

එසේම එහිදී සැකකරු මුහුණ දුන් අත්දැකීම් ඔහු මෙලෙස අනාවරණය කර තිබුණා.

" චාරිකාවක් කියලා තමයි තාත්තා මාව නුවරඑලියට එක්කරගෙන ගියේ. එහිදී ගෙදරකට ගියා. එහේ මවුලවිතුමන්ලා හතර පස් දෙනෙක් විතර හිටියා. රෑ වෙන්න රෑ වෙන්න 30 දෙනෙක් විතර එතෙන්ට ආවා. රෑ කාලා යාඥා කරලා හැමෝම නිදාගත්තා. ඊළඟ දවසේ උදෙන්ම " බාන්" (දේශනා) පටන් ගත්තා. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම "බාන්" (දේශනා) තමයි තිබ්බේ.

එතැනදී අපිට සහරාන් මවුලවි ජිහාඩ් සංවිධානයේ අවශ්‍යතා ගැන කරුණු ගොඩක් කිව්වා. අපිට ලොකු ගිනි අවියක් සහ පොඩි ගිනි අවියක් පෙන්නුවා. බෝම්බ හදන හැටි කියලා දුන්නා. ඊට පස්සේ දිවුරුම් දීලා හැමෝටම නමක් තිබ්බා. මට "අබු හසම්" කියලා නම තිබ්බේ. සහරාන් මවුලවිතුමා ඉස්සරහ තමයි අපි දිවුරුම් දුන්නේ. එහෙම දිවුරුම් දුන්නට පස්සේ තමයි අපිට ආයුධ පුහුණුව ලබාදුන්නේ"

මේ අතර සහාරන්ගේ බෝම්බ පිපිරිමෙන් පසුව සැකකටයුතු ලෙස  පුද්ගලයින් විශාල අත්අඩංගුවට ගෙන  ඇති බවත් අවි පුහුණුව ලැබූ බාලවයස්කාර  දරුවෙකු හමුවූ පලමුවන අවස්ථාව මෙය බව පොලීසිය පවසනවා.
(under the courtesy of nethgossip.lk news web)

More News »