විහාරාස්ථානයකට පැමිණි සැක කටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

2019-08-17 01:11:00       700
feature-top
අතුරුගිරිය, ගල්පොත්ත විහාරස්ථානයට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඉකුත් 10 වනදා විහාරස්ථානයට පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

අත්අඩංගුවට ගැණුනු සැකකරු වැලිකඩ, ගෝතමී පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. සැකකරු වැඩිදුර විමර්ශන සදහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා.  


(under the courtesy of nethnews.lk news web)

More News »