සජිත්-රාජිත අද රාජිත නිවසේදී හමුවෙති.. සජිත් ජනපති කිරීම සාංචිගේ වත්තෙන් පටන් ගන්නා බව රාජිත කියයි..

2019-08-17 10:36:00       697
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ විසින් එක්ව පිහිටුවීමට යෝජිත ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ’ පක්‍ෂ නායකයන් අද කොළඹදී සාකච්ඡා කිරීම නියමිතය.

මෙම හමුව සිදු වන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදීය.

හමුව සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස, අකිල විරාජ්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වන බවද වාර්තා වෙයි.

මේ අතර ඇමති රාජිත සේනාරත්න පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීම සාංචිගේ වත්තෙන් පටන් ගන්නා බවයි.

‘සාංචිගේ වත්ත’ යනු කොළඹ කෙසෙල්වත්තේ මූලික කරගෙන බිහිවී ඇති ප‍්‍රදේශයකි.
(under the courtesy of lankacnews.com news web)

More News »