කළු, කැලණි සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළට

2019-08-13 05:57:00       688
feature-top
ඇද හැලෙන වර්ෂාවත් සමග කළු ගගේ සහ ගිං ගගේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් විමසිලිමත් විය යුතු මට්ටමට පැමිණ ඇති බවයි.

ගිං ගගේ ජල මට්ටම ද තවලම ප‍්‍රදේශයෙන් විමසිලිමත් විය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සදහන්.

කැලණි ගගේ ජල මට්ටම ද දැරණියගල සහ කිතුල්ගල ප‍්‍රදේශවලින් ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »