විශ්ලේෂණාත්මක උපදෙසක් ඉල්ලා CIDය යැවූ ලිපිය
2019-08-13 02:14:00  ★ 694

ඇවන්ගාඞ් නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන් සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී තිබුණේ දමයන්ති ජයරත්න සහ සමන් දිසානායක යන අයයි. ඒ, වැඩබලන පොලිස්පතිවරයා වෙත 2019 ජුලි මස 5 වැනිදා දිනැතිව ලිපියක් යොමු කරමින්.
කෙසේවෙතත් 2019 ජුලි මස 10 වැනිදා දිනැතිව ලිපියක් මගින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනයේදි හෙළිවී නොමැති බවයි.
එබැවින් නීතිපතිවරයාගේ උපදෙස් මත පිහිටා ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් කළ වැරදි සම්බන්ධයෙන් පැහැදිලි දැනීමක් විමර්ශන නිලධාරීන් වෙත නොමැති පසුබිමක එම නිලධාරීන් පමණක් නොව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයේ දෝෂදර්ශනයට ලක්වීමේ අවදානම බැහැර කළ නොහැකි බව එම ලිපියේ සඳහන්.
එබැවින් සමන් දිසානායක සහ දමයන්ති ජයරත්නට එරෙහිව ඇති චෝදිත වරදවල් සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක උපදෙසක් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අදාළ ලිපියෙහි සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුවන් සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් පසුව යළිත් වරක් වැඩබලන පොලිස්පතිවරයා වෙත සවිස්තරාත්මක ලිපියක් යොමුකර තිබුණා. පසුව සමන් දිසානායක නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබනවා. (under the courtesy of nethnews.lk news web)

මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00ජෙනරාල් දයා රත්නායකට සභාපති පුටුවක්
2019-12-12 09:38:00කටුපොල් වගාව මෙරටින් ඉවත් කිරීම ඇරඹේ
2019-12-12 09:37:00ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්..
2019-12-12 09:13:00ගෝටාභයගේ ආණ්ඩුවට 2/3 බලයක් අරන් දෙන බව මෛත්‍රී කියයි…
2019-12-12 09:11:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්
2019-12-12 09:10:00පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…
2019-12-12 09:09:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com